Tuesday, April 17, 2018

2050 දී ලෝකය හා අප

Photo Credit : www.chainadaily.com.cn

PWC (pricewaterhousecoopers)  උපකල්පිත ගණනය කිරීම් වලට අනුව වසර 2050 දී ඇමරිකාව පසුකරමින් චීනය හා ඉන්දියාව ලෝක ආර්ථික බලවතුන් වනු ඇත (මුලාශ්‍ර : https://www.pwc.com/gx/en/issues/economy/the-world-in-2050.html).

එමෙන්ම රුසියාවද තම ආර්ථික හා යුධමය බලය එලෙසම පවත්වා ගනු ඇත. ඔවුන්ගේ මුල්බහැගත් ස්වදේශික චින්තනය මෙම ඉලක්කය සපුරා ගැනීමට ඉදිරි වසර 30 තුල ක්‍රියා කරනු ඇත. චීනය පැරණි සේද මාවත නැවතත් ගොඩ නගිමින් සිටින්නේ One Belt One Road Initiative ලෙස නව මුහුණුවරක් එක කරමිනි. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය එහි උපාය මාර්ගික ලෙස ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇත. නමුත් එහි ලාභය අප රටට වාසි වන ලෙස ගිවිසුම් ගත වීමට අපගේ සියලුම දේශපාලන බලාධිකාරීන් අසමත් වී ඇත. ඉදිරි වසර 99 ම චීනය මෙහි සම්පුර්ණ ලාභය රැගෙන යනු ඇත. කලාපීය ලෙස චීනය හා ඉන්දියාව මෙන්ම ඉන්දුනීසියාව, ජපානය, පාකිස්ථානය, මැලේසියාව, තායිලන්තය හා බංගලාදේශය යන රටවල් ඉදිරියට යනු ඇති බවට විශ්ලේෂකයෝ ඉඟි පල කරති (http://uk.businessinsider.com/pwc-ranking-of-biggest-economies-ppp-2050-2017-2/#32-netherlands-1496-trillion-1). එසේනම් ශ්‍රේෂ්ඨ රාවණ පරපුරකින් පැවත එන ලංකාද්වීපය කොහිද? වසර 2500ක ඉතිහාසයක් ගැන කියමින් උදම් අනන අපි අතර ඇති බෙදීම් හේතුවෙන් අප පහලට යන බව එක්තරා ලිපියක කියවීමි. නමුත් ඉන්දියාවේද බෙදීම් එමටය. කුල, ආගම් ජාති ලෙස ඔවුන් නිතර ගැටෙති. නමුත් පසුගිය දශක කිහිපය තුල පත් වූ ඉන්දීය රජයන් දීර්ඝ කාලින සැලසුමකට අනුව රට ගොඩනගන බව පෙනෙන්නට තිබේ. දුෂණය නැතිවාම නොවේ. නමුත් කුමන පක්ෂය බලයට පත්වුවද රට ඉදිරියට යන බව පෙනෙන්නට ඇත. රටක දීර්ඝ ඉතිහාසය නොව මිනිසුන්ගේ ආකල්ප වර්ධනය තුලින් ලොව රටවල් දියුණු වී ඇත. වර්ෂ 2012 බලයට පත් වූ චීනයේ ජනාධිපතිවරයාට ජනාධිපතිධුරය දැරිය යුතු ධුර කාලය සම්බන්ධයෙන් තිබෙන සීමා ඉවත් කරමින් චීනයේ කොමියුනිසිට් පක්ෂය එරට ජනාධිපති ෂී ජින්පින්ග්ට දිගටම බලයේ රැඳි සිටීම සඳහා ඉඩකඩ සකසා දුන්නේය. ඒ ඔහු රට ඉදිරියට ගෙන යන බව විශ්වාස බැවිනි. බටහිර ලෝකය හා බටහිර ගැති රුසියානු පක්ෂ කුමක් කියුවත්, රුසියානු ජනතාවද ව්ලදිමිර් පූතින් ජනාධිපතිවරයාට එවැනිම බලයක් ලබා දී ඇත. 1953 උපන් ෂී ජින්පින්ග්ට හෝ 1952 උපන් ව්ලදිමිර් පූතින්ට 2050 දක්වා බලයේ සිටීමට මිනිස් ආයු ප්‍රමාණය මදි වුවද අවශ්‍ය ඉලක්කයන් වෙත යාමට පසුබිම ඔවුන් සකස් කරනු ඇත.

යුරෝපයේ බල අධිකාරය ආසියාව ග්‍රහණය කරගනිමින් පවතී (රුසියාවේ වැඩි කොටසක් ආසියාවට අයත් වේ). අප එයට සුදානම්ද ? කුඩා දරුවෙකුට තබා අපටවත් අසා සිටිය නොහැකි අසැබි බසින් බැණ ගන්නා පාර්ලිමේන්තුව එයට සුදුසුද? සිංගප්පුරුවේ සියලුම ඇමතිවරුන් තම විෂයපථය තුල උපාධිධාරීන් බව මෑතකදී ඇසුවෙමි. බොහෝ දියුණු රටවල තත්වය එසේය. අපේ බොහොමයක් මන්ත්‍රීන් සාමාන්‍ය පෙළ වත් සමත් නොවූවන් බව තවත් මන්ත්‍රී වරයෙක් කියයි. අධ්‍යාපන සහතික මිනිසෙකුගේ හැකියාව සාර්ථක ලෙස මනින මිම්මක් නොවන බව ඇල්බර්ට් අයින්ස්ටයින්, තෝමස් අල්වා එඩිසන්, මාර්ටින් වික්‍රමසිංහ වැනි විද්වතුන් හා අතිසාර්ථක ව්‍යාපාරිකයින්ගේ ජිවිත කතා කියවීමෙන් වටහා ගත හැකි වුවත්, ඒ දුර්ලභ පුද්ගලයින්ය. එසේනම් අධ්‍යාපන සහතිකය දේශපාලකයන් තෝරා ගැනීමේදී යොදා ගැනීමෙන් සිංගප්පුරුව වැනි රටවල් ජය ගෙන ඇත. අධ්‍යාපන සුදුසුකම් නැති, නමුත් ඇති දක්ෂ පිරිස මේ ප්‍රවාහයට එක කරගැනීමට යම් කිසි ප්‍රතිශතයක් වෙන් කල හැක. උගතුන් ලෙස දේශපාලනයට එක වූ ලලිත් ඇතුලත්මුදලි, ලක්ෂ්මන් කදිරගාමර් වැනි මහත්වරුන්ට පක්ෂ භේදයකින් තොරව අප ගරු කරන්නේ ඔවුන් වෙනත් විෂයන්හි දැක්වූ පරිනතභාවය දේශපාලනය තුල ප්‍රයෝගිකව ඔප්පු කල බැවිනි. උපාධියට අමතරව ඇමතිවරයකු වීමට නම් නීතිඥයෙකු වීම අමතර සුදුසුකමක් විය යුතු ලෙස මා දකින්නේ පාර්ලිමේන්තුව යනු පනත් හා නීති සම්මත කර ගැනීමේ ස්ථානයක් වන බැවිනි. පනතක්, නීති ලියවිල්ලක් කියවා තේරුම් ගැනීමට මන්ත්‍රී වරයෙකුට හැකියාව තිබිය යුතුය. මන්ත්‍රී වරයෙකු සතු වරප්‍රසාදයක් ලෙස නීති විද්‍යාලයට ඇතුලත් වීමට හැකි වීම පෙර පැවති දෙයකි.

බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙසේ පවසා ඇත "ඔබ අරගල කල යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව ජනතාව  වෙනස් කිරීමටය. මන්ද,අමන ජනතාවක් කිසිදිනෙක පාදඩ පාලකයෙකුට එරෙහි නොවනු ඇත". පාලකයන් පත් කර ගන්නේ ජනතාව විසිනි. උගත්, බුද්ධිමත් ශිෂ්ඨ සම්පන්න පාලකයින් තෝරා පත්කර ගැනීම ජනතාවගේ වගකීමකි.

Sunday, April 15, 2018

දෙවියන්ට අභියෝග කල මිනිසුන්


විෂ්ණු විසින් දෙවතාවක්ම ඔහුට අභියෝග කල මනුෂ්‍යයින් නැසීමට විෂ්ණු අවතාර ලෙස දෙදෙනෙක් මිහිතලයට එවනු ලැබිය. ඒ හින්දු දේවවාදයේ පැවැත්ම උදෙසා විය හැකියි. ඉන් පළමුවැන්නා ශ්‍රේෂ්ඨ රාවණට එරෙහිව රාම කුමරු හා කන්සා රජුට එරෙහිව ක්‍රිෂ්ණා ය. කෙසේ වෙතත් රාවණා හා කන්සා රජවරු දුෂ්ඨයන් ලෙස ඉතිහාසය හා විවිධ සාහිත්‍ය කෘති හංවඩු ගසා ඇත. හින්දු දේවවාදය මුදුනින්ම පිළිගන්නා ඉන්දියාවේනම් කන්සාට නැගිටීමක් නැත. මේ දිනවල ලංකාවේද විකාශනය වන "මහරජ කන්සා " එයට කදිම නිදසුනකි. නමුත් අපේ රටේ රාවණාගේ පුරාවෘත හා ඉතිහාස කතා තවමත් ජනතාව අතර නොනැසී පවතී. අපි අපේ රටේ වීරයාට ආදරය කිරීම සතුටට කරුණකි. රවණා රජු විසින් දායාද කල ආයුර්වේද වෙදකම, සටන් ශිල්ප වැනි දෑ අදටත් අප අතර පවතින බව අසා ඇත්තෙමි. කන්සා රජු ගැනනම් ඉන්දීය සාහිත්‍යයේ කිසිම හොඳක් ඉතිරි කර නැතිවාට සැකයක් නැත. රාවණා රජු මහා බ්‍රහ්මයාගෙන් දෙවියෙකුට තමන් නැසිය නොහැකි වනලෙස වරයක් ලබාගත් බව පැවසේ. නමුත් ක්‍රිෂ්ණා ද දෙවියෙකි. අපගේ පරිගණක භාෂාවෙන් නම් "instance of superclass" මෙන් දෙයකි. එසේනම් මේ මහා බලවත් විෂ්ණු දෙවියන් විසින් බළලුන් ලවා කොස් ඇට බාවන වැනි වැඩක් කලේ මේ බලවත් රජුන් යුධමය ලෙස පරාජය කිරීමට ඔහුට නොහැකි නිසාද? අප අසා ඇති පරිදි රාවනා රජු පරාද කලේ නිවට උපක්‍රම හා පාවාදීම් වලිනි.

අප විසින් දේවාල වල දකින දේව රුප මිනිස් අංග සහිත නමුත් තවත් කොටස් කිහිපයක එකතුවකි. ඔවුන් සිටින්නේ දිව්‍ය ලෝකයක නම් ඒ පිටසක්වලකි. එසේනම් ඔවුන් පිටසක්වල ජීවී කොට්ටශයකි. මිනිස් අපට වඩා විද්‍යාවෙන් හා ශක්තියෙන් වැඩි ජීවින් කොටසක් විය හැකිය. ග්‍රීක හා රෝම පුරාවෘත වලද මෙවැනිම කොටසක් වෙති. කළහැකි දේ වෙනස් ය. DC Comics ගෙන ආ Superman ද මේ ග්‍රහලෝකයේ දී අසීමිත බලවන්තයෙකි. රාවණ හා කන්සා දෙවියන් තුට්ටුවකට මායිම් කලේ නැත. ඒ ඔවුන් තම ශක්තිය හා ආත්ම විශ්වාසය ඉහල බව විශ්වාස කල බැවිනි. බුදුන් වහන්සේ ද දෙවියන්ගේ පැවැත්ම බැහැර නොකළ නමුත් දෙවියන් පිදීමට අනුබල නොදුන්නේය. විවිධ සුත්‍ර දේශනා වල දෙවියන් ගැන කියවෙන අතර බුදුන් වහන්සේගේ කාල සටහනේ මැදියම්කිස හෙවත් මධ්‍යම රාත්‍රිය දෙවියන්ට දහම් දෙසීම සඳහා වෙන් කොට තිබිණි. එලෙස දෙවියන් ලෙස හැඳින්වුයේ මරණින් පසු සැරිසරන ආත්මයන් විය හැකිය. "මහරහතුන් වැඩි මග ඔස්සේ" පොත් පෙලෙහිද මෙවන් විවිධ තල වල සරණ ශක්තින් ගැන දැක්වේ. මේ තිදෙනාම (රාවණ රජු, කන්සා රජු හා ගෞතම බුදුන් වහන්සේ) මනුෂ්‍යයෝය. එමෙන්ම ඉන්දීය ජනයා  අතර රජුන් දෙදෙනා පිළිකුලෙන් හෙලා දකින අතර බුදුන් වහන්සේ දෙවියන් මෙන් ජනප්‍රිය නැත. මෙයිනුත් කන්සාට වඩා රාවණ රජු බලවත් බව සංසන්දනාත්මකව පිළිගන්නා ඉන්දියානුවන් රාවනා වැඩියෙන් හෙළාදකිති (https://www.quora.com/Who-was-more-powerful-Ravana-or-Kansa). ඒ කන්සා ඉන්දියානුවෙකු වීම නිසා විය හැකිය. මේ හා සමානවම දේව මනුෂ්‍ය ගැටුම් චීන සාහිත්‍යයේද ඇත. රාවණ පාවා දුන්නේ සොහොයුරු විභිෂණය. කන්සා මිය ගියේ ඔහුගේ සොයුරියගේ පුත් ක්‍රිෂ්ණා ගේ අතිනි. පාවාදීම් අද මෙන්ම වසර දහස් ගණනකට පෙරද අප පහතට ඇද දමා ඇත .

Photo Credits:
https://shyamasundaradasa.com/
http://viutube.lk

Tuesday, April 05, 2011

E-Marketing:

E-Marketing: GO සඟරාවේ පලවූ ලිපියකි. සංවාද සටහන - මාලක වැලිගොඩපොල





Thursday, August 26, 2010

සංචාරක තොරතුරු කවුළුව

සංචාරක තොරතුරු කවුළුව - ස්වාධීන රුපවාහිනී සේවයේ 2010 අගෝස්තු 14 වැනි දින විකාශනය වූ "විදැස" වැඩසටහන


ඉන්ටෙලෝ නෙට්වර්ක්ස් ආයතනය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව දියත් කරන ලද සංචාරක තොරතුරු කවුළුව (Tourist Information Kiosk - TIK) පිලිබඳ ස්වාධීන රුපවාහිනී සේවයේ 2010 අගෝස්තු 14 වැනි දින විකාශනය වූ "විදැස" වැඩසටහනේ කොටසකි. දිලන්ත විතානගේ මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදී.





Tuesday, June 29, 2010

ව්‍යපෘති කළමනාකරණය සඳහා නිදහස් හා විවෘත මෘදුකාංග (Opensource Project Management Software)


ව්‍යපෘති කළමනාකරණය සඳහා බහුල ලෙස භාවිතා වන්නේ Microsoft Project හා Primavera යන මෘදුකන්ගයන්ය. අධික මිලකින් යුතු මෙම මෘදුකාන්ගයන්ට ආදේශකයක් ලෙස නිදහස් හා විවෘත මෘදුකාංග භාවිතා කල හැක.
දැනට භාවිතා වන ප්‍රචලිත මෘදුකාංග කිහිපයක් ගැන විශ්ලේෂණයක් විකිපිඩියාවේ පහත යොමුවෙන් බලා ගත හැක.

මීට අමතරව වෙනත් බ්ලොග් අඩවියක ව්‍යපෘති කළමනාකරණය සඳහා හොඳම වෙබ් ආශ්‍රිත නිදහස් හා විවෘත මෘදුකාංග ලැයිස්තු ගත කොට තිබුනේ මෙසේය

Wednesday, June 16, 2010

ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා Twitter යොදාගැනීම


Twitter විවිධ ප්‍රවර්ධන කටයුතු සඳහා මෙවලමක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් පහත යොමුවෙන් දැක්වේ

Tuesday, June 08, 2010

2010 නව වෙබ් නිර්මාණ ප්‍රවණතා

http://www.webdesignerdepot.com/2010/05/web-design-trends-for-2010/

නිර්මාණ සඳහා හොඳ අත්වැලක්. එත් ........ මහන්සි වෙලා හොඳ නිර්මාණයක් කලාම මෙන්න මෙහෙම කරන සමහර සේවා දායකයෝ අනන්තවත් හමුවෙලා ඇති. :
http://theoatmeal.com/comics/design_hell

2050 දී ලෝකය හා අප

Photo Credit : www.chainadaily.com.cn PWC (pricewaterhousecoopers)  උපකල්පිත ගණනය කිරීම් වලට අනුව වසර 2050 දී ඇමරිකාව පසුකරමින් චීනය...