Sunday, April 15, 2018

දෙවියන්ට අභියෝග කල මිනිසුන්


විෂ්ණු විසින් දෙවතාවක්ම ඔහුට අභියෝග කල මනුෂ්‍යයින් නැසීමට විෂ්ණු අවතාර ලෙස දෙදෙනෙක් මිහිතලයට එවනු ලැබිය. ඒ හින්දු දේවවාදයේ පැවැත්ම උදෙසා විය හැකියි. ඉන් පළමුවැන්නා ශ්‍රේෂ්ඨ රාවණට එරෙහිව රාම කුමරු හා කන්සා රජුට එරෙහිව ක්‍රිෂ්ණා ය. කෙසේ වෙතත් රාවණා හා කන්සා රජවරු දුෂ්ඨයන් ලෙස ඉතිහාසය හා විවිධ සාහිත්‍ය කෘති හංවඩු ගසා ඇත. හින්දු දේවවාදය මුදුනින්ම පිළිගන්නා ඉන්දියාවේනම් කන්සාට නැගිටීමක් නැත. මේ දිනවල ලංකාවේද විකාශනය වන "මහරජ කන්සා " එයට කදිම නිදසුනකි. නමුත් අපේ රටේ රාවණාගේ පුරාවෘත හා ඉතිහාස කතා තවමත් ජනතාව අතර නොනැසී පවතී. අපි අපේ රටේ වීරයාට ආදරය කිරීම සතුටට කරුණකි. රවණා රජු විසින් දායාද කල ආයුර්වේද වෙදකම, සටන් ශිල්ප වැනි දෑ අදටත් අප අතර පවතින බව අසා ඇත්තෙමි. කන්සා රජු ගැනනම් ඉන්දීය සාහිත්‍යයේ කිසිම හොඳක් ඉතිරි කර නැතිවාට සැකයක් නැත. රාවණා රජු මහා බ්‍රහ්මයාගෙන් දෙවියෙකුට තමන් නැසිය නොහැකි වනලෙස වරයක් ලබාගත් බව පැවසේ. නමුත් ක්‍රිෂ්ණා ද දෙවියෙකි. අපගේ පරිගණක භාෂාවෙන් නම් "instance of superclass" මෙන් දෙයකි. එසේනම් මේ මහා බලවත් විෂ්ණු දෙවියන් විසින් බළලුන් ලවා කොස් ඇට බාවන වැනි වැඩක් කලේ මේ බලවත් රජුන් යුධමය ලෙස පරාජය කිරීමට ඔහුට නොහැකි නිසාද? අප අසා ඇති පරිදි රාවනා රජු පරාද කලේ නිවට උපක්‍රම හා පාවාදීම් වලිනි.

අප විසින් දේවාල වල දකින දේව රුප මිනිස් අංග සහිත නමුත් තවත් කොටස් කිහිපයක එකතුවකි. ඔවුන් සිටින්නේ දිව්‍ය ලෝකයක නම් ඒ පිටසක්වලකි. එසේනම් ඔවුන් පිටසක්වල ජීවී කොට්ටශයකි. මිනිස් අපට වඩා විද්‍යාවෙන් හා ශක්තියෙන් වැඩි ජීවින් කොටසක් විය හැකිය. ග්‍රීක හා රෝම පුරාවෘත වලද මෙවැනිම කොටසක් වෙති. කළහැකි දේ වෙනස් ය. DC Comics ගෙන ආ Superman ද මේ ග්‍රහලෝකයේ දී අසීමිත බලවන්තයෙකි. රාවණ හා කන්සා දෙවියන් තුට්ටුවකට මායිම් කලේ නැත. ඒ ඔවුන් තම ශක්තිය හා ආත්ම විශ්වාසය ඉහල බව විශ්වාස කල බැවිනි. බුදුන් වහන්සේ ද දෙවියන්ගේ පැවැත්ම බැහැර නොකළ නමුත් දෙවියන් පිදීමට අනුබල නොදුන්නේය. විවිධ සුත්‍ර දේශනා වල දෙවියන් ගැන කියවෙන අතර බුදුන් වහන්සේගේ කාල සටහනේ මැදියම්කිස හෙවත් මධ්‍යම රාත්‍රිය දෙවියන්ට දහම් දෙසීම සඳහා වෙන් කොට තිබිණි. එලෙස දෙවියන් ලෙස හැඳින්වුයේ මරණින් පසු සැරිසරන ආත්මයන් විය හැකිය. "මහරහතුන් වැඩි මග ඔස්සේ" පොත් පෙලෙහිද මෙවන් විවිධ තල වල සරණ ශක්තින් ගැන දැක්වේ. මේ තිදෙනාම (රාවණ රජු, කන්සා රජු හා ගෞතම බුදුන් වහන්සේ) මනුෂ්‍යයෝය. එමෙන්ම ඉන්දීය ජනයා  අතර රජුන් දෙදෙනා පිළිකුලෙන් හෙලා දකින අතර බුදුන් වහන්සේ දෙවියන් මෙන් ජනප්‍රිය නැත. මෙයිනුත් කන්සාට වඩා රාවණ රජු බලවත් බව සංසන්දනාත්මකව පිළිගන්නා ඉන්දියානුවන් රාවනා වැඩියෙන් හෙළාදකිති (https://www.quora.com/Who-was-more-powerful-Ravana-or-Kansa). ඒ කන්සා ඉන්දියානුවෙකු වීම නිසා විය හැකිය. මේ හා සමානවම දේව මනුෂ්‍ය ගැටුම් චීන සාහිත්‍යයේද ඇත. රාවණ පාවා දුන්නේ සොහොයුරු විභිෂණය. කන්සා මිය ගියේ ඔහුගේ සොයුරියගේ පුත් ක්‍රිෂ්ණා ගේ අතිනි. පාවාදීම් අද මෙන්ම වසර දහස් ගණනකට පෙරද අප පහතට ඇද දමා ඇත .

Photo Credits:
https://shyamasundaradasa.com/
http://viutube.lk

No comments:

2050 දී ලෝකය හා අප

Photo Credit : www.chainadaily.com.cn PWC (pricewaterhousecoopers)  උපකල්පිත ගණනය කිරීම් වලට අනුව වසර 2050 දී ඇමරිකාව පසුකරමින් චීනය...