Tuesday, April 17, 2018

2050 දී ලෝකය හා අප

Photo Credit : www.chainadaily.com.cn

PWC (pricewaterhousecoopers)  උපකල්පිත ගණනය කිරීම් වලට අනුව වසර 2050 දී ඇමරිකාව පසුකරමින් චීනය හා ඉන්දියාව ලෝක ආර්ථික බලවතුන් වනු ඇත (මුලාශ්‍ර : https://www.pwc.com/gx/en/issues/economy/the-world-in-2050.html).

එමෙන්ම රුසියාවද තම ආර්ථික හා යුධමය බලය එලෙසම පවත්වා ගනු ඇත. ඔවුන්ගේ මුල්බහැගත් ස්වදේශික චින්තනය මෙම ඉලක්කය සපුරා ගැනීමට ඉදිරි වසර 30 තුල ක්‍රියා කරනු ඇත. චීනය පැරණි සේද මාවත නැවතත් ගොඩ නගිමින් සිටින්නේ One Belt One Road Initiative ලෙස නව මුහුණුවරක් එක කරමිනි. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය එහි උපාය මාර්ගික ලෙස ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇත. නමුත් එහි ලාභය අප රටට වාසි වන ලෙස ගිවිසුම් ගත වීමට අපගේ සියලුම දේශපාලන බලාධිකාරීන් අසමත් වී ඇත. ඉදිරි වසර 99 ම චීනය මෙහි සම්පුර්ණ ලාභය රැගෙන යනු ඇත. කලාපීය ලෙස චීනය හා ඉන්දියාව මෙන්ම ඉන්දුනීසියාව, ජපානය, පාකිස්ථානය, මැලේසියාව, තායිලන්තය හා බංගලාදේශය යන රටවල් ඉදිරියට යනු ඇති බවට විශ්ලේෂකයෝ ඉඟි පල කරති (http://uk.businessinsider.com/pwc-ranking-of-biggest-economies-ppp-2050-2017-2/#32-netherlands-1496-trillion-1). එසේනම් ශ්‍රේෂ්ඨ රාවණ පරපුරකින් පැවත එන ලංකාද්වීපය කොහිද? වසර 2500ක ඉතිහාසයක් ගැන කියමින් උදම් අනන අපි අතර ඇති බෙදීම් හේතුවෙන් අප පහලට යන බව එක්තරා ලිපියක කියවීමි. නමුත් ඉන්දියාවේද බෙදීම් එමටය. කුල, ආගම් ජාති ලෙස ඔවුන් නිතර ගැටෙති. නමුත් පසුගිය දශක කිහිපය තුල පත් වූ ඉන්දීය රජයන් දීර්ඝ කාලින සැලසුමකට අනුව රට ගොඩනගන බව පෙනෙන්නට තිබේ. දුෂණය නැතිවාම නොවේ. නමුත් කුමන පක්ෂය බලයට පත්වුවද රට ඉදිරියට යන බව පෙනෙන්නට ඇත. රටක දීර්ඝ ඉතිහාසය නොව මිනිසුන්ගේ ආකල්ප වර්ධනය තුලින් ලොව රටවල් දියුණු වී ඇත. වර්ෂ 2012 බලයට පත් වූ චීනයේ ජනාධිපතිවරයාට ජනාධිපතිධුරය දැරිය යුතු ධුර කාලය සම්බන්ධයෙන් තිබෙන සීමා ඉවත් කරමින් චීනයේ කොමියුනිසිට් පක්ෂය එරට ජනාධිපති ෂී ජින්පින්ග්ට දිගටම බලයේ රැඳි සිටීම සඳහා ඉඩකඩ සකසා දුන්නේය. ඒ ඔහු රට ඉදිරියට ගෙන යන බව විශ්වාස බැවිනි. බටහිර ලෝකය හා බටහිර ගැති රුසියානු පක්ෂ කුමක් කියුවත්, රුසියානු ජනතාවද ව්ලදිමිර් පූතින් ජනාධිපතිවරයාට එවැනිම බලයක් ලබා දී ඇත. 1953 උපන් ෂී ජින්පින්ග්ට හෝ 1952 උපන් ව්ලදිමිර් පූතින්ට 2050 දක්වා බලයේ සිටීමට මිනිස් ආයු ප්‍රමාණය මදි වුවද අවශ්‍ය ඉලක්කයන් වෙත යාමට පසුබිම ඔවුන් සකස් කරනු ඇත.

යුරෝපයේ බල අධිකාරය ආසියාව ග්‍රහණය කරගනිමින් පවතී (රුසියාවේ වැඩි කොටසක් ආසියාවට අයත් වේ). අප එයට සුදානම්ද ? කුඩා දරුවෙකුට තබා අපටවත් අසා සිටිය නොහැකි අසැබි බසින් බැණ ගන්නා පාර්ලිමේන්තුව එයට සුදුසුද? සිංගප්පුරුවේ සියලුම ඇමතිවරුන් තම විෂයපථය තුල උපාධිධාරීන් බව මෑතකදී ඇසුවෙමි. බොහෝ දියුණු රටවල තත්වය එසේය. අපේ බොහොමයක් මන්ත්‍රීන් සාමාන්‍ය පෙළ වත් සමත් නොවූවන් බව තවත් මන්ත්‍රී වරයෙක් කියයි. අධ්‍යාපන සහතික මිනිසෙකුගේ හැකියාව සාර්ථක ලෙස මනින මිම්මක් නොවන බව ඇල්බර්ට් අයින්ස්ටයින්, තෝමස් අල්වා එඩිසන්, මාර්ටින් වික්‍රමසිංහ වැනි විද්වතුන් හා අතිසාර්ථක ව්‍යාපාරිකයින්ගේ ජිවිත කතා කියවීමෙන් වටහා ගත හැකි වුවත්, ඒ දුර්ලභ පුද්ගලයින්ය. එසේනම් අධ්‍යාපන සහතිකය දේශපාලකයන් තෝරා ගැනීමේදී යොදා ගැනීමෙන් සිංගප්පුරුව වැනි රටවල් ජය ගෙන ඇත. අධ්‍යාපන සුදුසුකම් නැති, නමුත් ඇති දක්ෂ පිරිස මේ ප්‍රවාහයට එක කරගැනීමට යම් කිසි ප්‍රතිශතයක් වෙන් කල හැක. උගතුන් ලෙස දේශපාලනයට එක වූ ලලිත් ඇතුලත්මුදලි, ලක්ෂ්මන් කදිරගාමර් වැනි මහත්වරුන්ට පක්ෂ භේදයකින් තොරව අප ගරු කරන්නේ ඔවුන් වෙනත් විෂයන්හි දැක්වූ පරිනතභාවය දේශපාලනය තුල ප්‍රයෝගිකව ඔප්පු කල බැවිනි. උපාධියට අමතරව ඇමතිවරයකු වීමට නම් නීතිඥයෙකු වීම අමතර සුදුසුකමක් විය යුතු ලෙස මා දකින්නේ පාර්ලිමේන්තුව යනු පනත් හා නීති සම්මත කර ගැනීමේ ස්ථානයක් වන බැවිනි. පනතක්, නීති ලියවිල්ලක් කියවා තේරුම් ගැනීමට මන්ත්‍රී වරයෙකුට හැකියාව තිබිය යුතුය. මන්ත්‍රී වරයෙකු සතු වරප්‍රසාදයක් ලෙස නීති විද්‍යාලයට ඇතුලත් වීමට හැකි වීම පෙර පැවති දෙයකි.

බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙසේ පවසා ඇත "ඔබ අරගල කල යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව ජනතාව  වෙනස් කිරීමටය. මන්ද,අමන ජනතාවක් කිසිදිනෙක පාදඩ පාලකයෙකුට එරෙහි නොවනු ඇත". පාලකයන් පත් කර ගන්නේ ජනතාව විසිනි. උගත්, බුද්ධිමත් ශිෂ්ඨ සම්පන්න පාලකයින් තෝරා පත්කර ගැනීම ජනතාවගේ වගකීමකි.

Sunday, April 15, 2018

දෙවියන්ට අභියෝග කල මිනිසුන්


විෂ්ණු විසින් දෙවතාවක්ම ඔහුට අභියෝග කල මනුෂ්‍යයින් නැසීමට විෂ්ණු අවතාර ලෙස දෙදෙනෙක් මිහිතලයට එවනු ලැබිය. ඒ හින්දු දේවවාදයේ පැවැත්ම උදෙසා විය හැකියි. ඉන් පළමුවැන්නා ශ්‍රේෂ්ඨ රාවණට එරෙහිව රාම කුමරු හා කන්සා රජුට එරෙහිව ක්‍රිෂ්ණා ය. කෙසේ වෙතත් රාවණා හා කන්සා රජවරු දුෂ්ඨයන් ලෙස ඉතිහාසය හා විවිධ සාහිත්‍ය කෘති හංවඩු ගසා ඇත. හින්දු දේවවාදය මුදුනින්ම පිළිගන්නා ඉන්දියාවේනම් කන්සාට නැගිටීමක් නැත. මේ දිනවල ලංකාවේද විකාශනය වන "මහරජ කන්සා " එයට කදිම නිදසුනකි. නමුත් අපේ රටේ රාවණාගේ පුරාවෘත හා ඉතිහාස කතා තවමත් ජනතාව අතර නොනැසී පවතී. අපි අපේ රටේ වීරයාට ආදරය කිරීම සතුටට කරුණකි. රවණා රජු විසින් දායාද කල ආයුර්වේද වෙදකම, සටන් ශිල්ප වැනි දෑ අදටත් අප අතර පවතින බව අසා ඇත්තෙමි. කන්සා රජු ගැනනම් ඉන්දීය සාහිත්‍යයේ කිසිම හොඳක් ඉතිරි කර නැතිවාට සැකයක් නැත. රාවණා රජු මහා බ්‍රහ්මයාගෙන් දෙවියෙකුට තමන් නැසිය නොහැකි වනලෙස වරයක් ලබාගත් බව පැවසේ. නමුත් ක්‍රිෂ්ණා ද දෙවියෙකි. අපගේ පරිගණක භාෂාවෙන් නම් "instance of superclass" මෙන් දෙයකි. එසේනම් මේ මහා බලවත් විෂ්ණු දෙවියන් විසින් බළලුන් ලවා කොස් ඇට බාවන වැනි වැඩක් කලේ මේ බලවත් රජුන් යුධමය ලෙස පරාජය කිරීමට ඔහුට නොහැකි නිසාද? අප අසා ඇති පරිදි රාවනා රජු පරාද කලේ නිවට උපක්‍රම හා පාවාදීම් වලිනි.

අප විසින් දේවාල වල දකින දේව රුප මිනිස් අංග සහිත නමුත් තවත් කොටස් කිහිපයක එකතුවකි. ඔවුන් සිටින්නේ දිව්‍ය ලෝකයක නම් ඒ පිටසක්වලකි. එසේනම් ඔවුන් පිටසක්වල ජීවී කොට්ටශයකි. මිනිස් අපට වඩා විද්‍යාවෙන් හා ශක්තියෙන් වැඩි ජීවින් කොටසක් විය හැකිය. ග්‍රීක හා රෝම පුරාවෘත වලද මෙවැනිම කොටසක් වෙති. කළහැකි දේ වෙනස් ය. DC Comics ගෙන ආ Superman ද මේ ග්‍රහලෝකයේ දී අසීමිත බලවන්තයෙකි. රාවණ හා කන්සා දෙවියන් තුට්ටුවකට මායිම් කලේ නැත. ඒ ඔවුන් තම ශක්තිය හා ආත්ම විශ්වාසය ඉහල බව විශ්වාස කල බැවිනි. බුදුන් වහන්සේ ද දෙවියන්ගේ පැවැත්ම බැහැර නොකළ නමුත් දෙවියන් පිදීමට අනුබල නොදුන්නේය. විවිධ සුත්‍ර දේශනා වල දෙවියන් ගැන කියවෙන අතර බුදුන් වහන්සේගේ කාල සටහනේ මැදියම්කිස හෙවත් මධ්‍යම රාත්‍රිය දෙවියන්ට දහම් දෙසීම සඳහා වෙන් කොට තිබිණි. එලෙස දෙවියන් ලෙස හැඳින්වුයේ මරණින් පසු සැරිසරන ආත්මයන් විය හැකිය. "මහරහතුන් වැඩි මග ඔස්සේ" පොත් පෙලෙහිද මෙවන් විවිධ තල වල සරණ ශක්තින් ගැන දැක්වේ. මේ තිදෙනාම (රාවණ රජු, කන්සා රජු හා ගෞතම බුදුන් වහන්සේ) මනුෂ්‍යයෝය. එමෙන්ම ඉන්දීය ජනයා  අතර රජුන් දෙදෙනා පිළිකුලෙන් හෙලා දකින අතර බුදුන් වහන්සේ දෙවියන් මෙන් ජනප්‍රිය නැත. මෙයිනුත් කන්සාට වඩා රාවණ රජු බලවත් බව සංසන්දනාත්මකව පිළිගන්නා ඉන්දියානුවන් රාවනා වැඩියෙන් හෙළාදකිති (https://www.quora.com/Who-was-more-powerful-Ravana-or-Kansa). ඒ කන්සා ඉන්දියානුවෙකු වීම නිසා විය හැකිය. මේ හා සමානවම දේව මනුෂ්‍ය ගැටුම් චීන සාහිත්‍යයේද ඇත. රාවණ පාවා දුන්නේ සොහොයුරු විභිෂණය. කන්සා මිය ගියේ ඔහුගේ සොයුරියගේ පුත් ක්‍රිෂ්ණා ගේ අතිනි. පාවාදීම් අද මෙන්ම වසර දහස් ගණනකට පෙරද අප පහතට ඇද දමා ඇත .

Photo Credits:
https://shyamasundaradasa.com/
http://viutube.lk

Tuesday, April 05, 2011

E-Marketing:

E-Marketing: GO සඟරාවේ පලවූ ලිපියකි. සංවාද සටහන - මාලක වැලිගොඩපොල





Thursday, August 26, 2010

සංචාරක තොරතුරු කවුළුව

සංචාරක තොරතුරු කවුළුව - ස්වාධීන රුපවාහිනී සේවයේ 2010 අගෝස්තු 14 වැනි දින විකාශනය වූ "විදැස" වැඩසටහන


ඉන්ටෙලෝ නෙට්වර්ක්ස් ආයතනය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව දියත් කරන ලද සංචාරක තොරතුරු කවුළුව (Tourist Information Kiosk - TIK) පිලිබඳ ස්වාධීන රුපවාහිනී සේවයේ 2010 අගෝස්තු 14 වැනි දින විකාශනය වූ "විදැස" වැඩසටහනේ කොටසකි. දිලන්ත විතානගේ මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදී.





Tuesday, June 29, 2010

ව්‍යපෘති කළමනාකරණය සඳහා නිදහස් හා විවෘත මෘදුකාංග (Opensource Project Management Software)


ව්‍යපෘති කළමනාකරණය සඳහා බහුල ලෙස භාවිතා වන්නේ Microsoft Project හා Primavera යන මෘදුකන්ගයන්ය. අධික මිලකින් යුතු මෙම මෘදුකාන්ගයන්ට ආදේශකයක් ලෙස නිදහස් හා විවෘත මෘදුකාංග භාවිතා කල හැක.
දැනට භාවිතා වන ප්‍රචලිත මෘදුකාංග කිහිපයක් ගැන විශ්ලේෂණයක් විකිපිඩියාවේ පහත යොමුවෙන් බලා ගත හැක.

මීට අමතරව වෙනත් බ්ලොග් අඩවියක ව්‍යපෘති කළමනාකරණය සඳහා හොඳම වෙබ් ආශ්‍රිත නිදහස් හා විවෘත මෘදුකාංග ලැයිස්තු ගත කොට තිබුනේ මෙසේය

Wednesday, June 16, 2010

ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා Twitter යොදාගැනීම


Twitter විවිධ ප්‍රවර්ධන කටයුතු සඳහා මෙවලමක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් පහත යොමුවෙන් දැක්වේ

Tuesday, June 08, 2010

2010 නව වෙබ් නිර්මාණ ප්‍රවණතා

http://www.webdesignerdepot.com/2010/05/web-design-trends-for-2010/

නිර්මාණ සඳහා හොඳ අත්වැලක්. එත් ........ මහන්සි වෙලා හොඳ නිර්මාණයක් කලාම මෙන්න මෙහෙම කරන සමහර සේවා දායකයෝ අනන්තවත් හමුවෙලා ඇති. :
http://theoatmeal.com/comics/design_hell

google එක්ක සිංහල ටයිප් කරන්න

Wednesday, December 16, 2009

නොමිලේ Sony Ericsson Mobile Phone Unlock කර ගන්න

පිටරටක සිට ආ මගේ මිතුරෙක් Sony Ericsson w910i වර්ගයේ දුරකතනයක් ගෙනත් දුන්නා. ඒක ලොක් කරලයි තිබුනේ. Google ගේ පිහිටෙන් unlock කරන ක්‍රමය හොයා ගත්තා.

මේ වැඩේට පහත දේවල් උවමනා වෙනවා.
  1. Sony Ericsson USB Cable (DCU-60)
  2. Aerix Tool (DOWNLOAD: HERE)
  3. Gordon's Gate Flash Drivers (DOWNLOAD: HERE)

මේ විදියට කරලා මම Sony Ericsson w910i කර ගත්තා. මේ software එකෙන් බොහොමයක් මාදිලි unlock කර ගන්න පුලුවන්:


Supported phones:
C510, C702, C901, C902, C903, C905, G905,
G705, K630, K660, K850, K858, T700, TM506,
V640, W595, W705, W715, W760, W890, W902,
W908, W910, W980, Z750, Z770, Z780

Supported phone platforms:
A2 DB3150 and A2 DB3210, CID up to 52


Saturday, December 12, 2009

Google Public DNS ගැන

මෙතෙක් කල් අපි භාවිතා කල SLT DNS වෙනුවට Google public DNS දාලා බැලුවා. මෙන්න කල වෙනස

DNS 1 : 203.115.0.46 -> 8.8.8.8
DNS 2 : 203.115.0.47 -> 8.8.4.4

මෘදුකාංගයක් මගින් පරීක්ෂා නොකලද පැහැදිලි වේගයක් දක්නට ලැබුනි

Friday, July 10, 2009

රුසියාවේ අගමැතිවරු

රුසියානු දේශපාලනයේ අග්රාමාත් තනතුර සාර් පාලන කාලය දක්වා දිව යන අතීතයක සිට පැවත එන්නකි. කලින් කලට ඇති වූ දේශපාලනික විපර්යාසයන් මත අග්රාමාත්යවරු පහත ආකාරයට යුග ලෙස බෙදා වෙන් කල හැක.

අග්රාමාත් සිට දක්වා රාජ්ය නායක
රුසියානු අධිරාජ් සමය සෙර්ගේයි යූලිවිච් විත්තේ 1905 – 11 – 06 1906 – 05 – 05 දෙවැනි නිකොලායි රජු (නිකොලායි අලෙක්සාන්ද්රොවිච් රමානොව්)
ඉවාන් ලොග්ගිනොවිච් ගොරෙමිකින් 1906 – 05 – 05 1906 – 07 – 20
පියොතර් අර්කාදෙවිච් ස්තලිපින් 1906 – 07 – 21 1911 – 09 – 18
ව්ලදිමිර් නිකොලායෙවිච් කොරොව්ත්සොව් 1911 – 09 – 18 1914 – 02 – 12
ඉවාන් ලොග්ගිනොවිච් ගොරෙමිකින් (දෙවන වර) 1914 – 02 – 12 1916 – 02 – 02
බොරිස් ව්ලදිමිරොවිච් ෂ්ත්‍යූමෙර් 1916 – 02 – 02 1916 – 11 – 23
අලෙක්සාන්දර් ෆියොදොරොවිච් ත්‍රේපොව් 1916 – 11 – 23 1917 – 01 – 09
නිකොලායි දිමිත්‍රියේවිච් ගලිත්සින් 1917 – 01 – 09 1917 – 03 – 12
භාරකාර රජය ගියොර්ගි යෙව්ගෙනිවිච් ල්වොව් 1917 – 03 – 23 1917 – 07 – 07 භාරකාර රජය
අලෙක්සාන්දර් ෆියොදොරොවිච් කෙරෙන්ස්කි 1917 – 07 – 21 1917 – 11 – 08
සෝවියට් පාලන සමය ව්ලදිමිර් ඉලිච් ලෙනින් 1917 – 11 – 08 1924 – 01 – 21 ව්ලදිමිර් ලෙනින්
අලෙක්සේයි ඉවානොවිච් රීකොව් 1924- 02 – 24 1930 – 12 – 19 ඉයොසිෆ් ස්ටාලින්
විචෙස්ලාව් මිහායිලොවිච් මොලතොච් 1930 – 12 – 19 1941 – 05 – 06 ඉයොසිෆ් ස්ටාලින්
ඉයොසිෆ් ස්ටාලින් (බලතල පවරා ගැනිනි) 1941 – 05 – 06 1953 – 03 – 05
ගියෝර්ගි මක්සිමිලියානොවිච් මාලෙන්කොව් 1953 – 03 – 05 1955 – 02 – 08
නිකොලායි අලෙක්සාන්ද්‍රොවිච් බුල්ගානින් 1955 – 02 – 08 1958 – 03 – 27 නිකිතා කෘෂෙව්
නිකිතා සෙර්ගේයිවිච් කෘෂෙව් 1958 – 03 – 27 1964 – 10 – 14
අලෙක්සේයි නිකොලායෙවිච් කසීගින් 1964 – 10 – 15 1980 – 10 – 23 ලියොනිද් බ්‍රෙෂ්නෙව්
නිකොලායි අලෙක්සාන්ද්‍රොවිච් තීහනොව් 1980 – 10 – 23 1985 – 09 – 27 යූරි අන්ද්‍රොපොව්
නිකොලායි ඉවානොවිච් රීෂ්කොව් 1985 – 09 – 27 1991 – 01 – 14 මිහායිල් ගොර්බොචෙව්
වලෙන්තීන් සෙර්ගේයිවිච් පාව්ලොව් 1991 – 01 – 14 1991 – 08 – 22
ඉවාන් ස්තෙපානොවිච් සිලායෙව් 1991 – 09 – 06 1991 – 12 – 25
නව රුසියානු පාලන සමය යෙගොර් තිමූරොවිච් ගයිදාර් 1992 – 06 – 15 1992 – 12 – 14 බොරිස් යෙල්ත්සින්
වික්තර් ස්තෙපානොවිච් චෙර්නමිර්දින් 1992 – 12 – 14 1998 – 03 – 23
සෙර්ගේයි ව්ලදිලෙනොවිච් කිරියෙන්කා 1998 – 03 – 23 1998 – 08 – 23
වික්තර් ස්තෙපානොවිච් චෙර්නමිර්දින් (දෙවන වර) 1998 – 08 – 23 1998 – 09 – 11
යෙව්ගේනි මක්සිමොවිච් ප්‍රිමාකොව් 1998 – 09 – 11 1999 – 05 – 12
සෙර්ගේයි වදීමොවිච් ස්තෙපාෂින් 1999 – 05 – 12 1999 – 08 – 09
ව්ලදිමිර් ව්ලදිමිරොවිච් පූතින් 1999 – 08 – 09 2000 – 05 – 07
මිහායිල් මිහායිලොවිච් කස්‍යානොව් 2000 – 05 – 07 2004 – 02 – 24 ව්ලදිමිර් පූතින්
වික්තර් බරිසොවිච් ක්‍රිස්තෙන්කා 2004 – 02 – 24 2004 – 03 – 05
මිහායිල් යෙෆිමොබිච් ෆ්‍රද්කොව් 2004 – 03 – 05 2007 – 09 – 14
වික්තර් අලෙක්සේයෙවිච් සූබ්කොව් 2007 – 09 – 14 2008 – 05 – 07
ව්ලදිමිර් ව්ලදිමිරොවිච් පූතින් 2008 – 05 – 08 දිමිත්‍රි මෙද්වේදොව්

සෝවියට් පාලන සමය තුල අග්රාමාත්ය තනතුර වෙනුවට අමාත්ය මණ්ඩල සභාපති යන තනතුර භාවිතා විය.
සමහර සෝවියට් නායකයෝ අග්‍රාමාත්‍ය තනතුර අහෝසි කොට බලතල පවරා ගනු ලැබූහ. මෙම ලැයිස්තුවට අමතරව සෝවියට් පාලන සමය තුල රුසියාව සමූහාණ්ඩුවක් ලෙස ගත කල, ඒ තුල වෙනම අග්‍රාමාත්‍ය තනතුර පැවතිනි. වර්ෂ 1922 සිට 1991 දක්වා රුසියානු සමූහාණ්ඩුව තුල 19 දෙනෙක් අගමැතිවරු ලෙස කටයුතු කොට ඇත.

Friday, March 13, 2009

සිංහල යුනිකෝඩ්..?

පහත දැක්වෙන්නේ මා විසින් 2008 නොවැම්බර් මස පැවති සමාජවාදී රටවල උපාධිලත් ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ වාර්ෂික සමරු කලාපයට ලියන ලද ලිපියකි. ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික සාමජිකයින් අතට මෙම සමරු කලාපයේ මුද්‍රිත පිටපත් ලැබෙන බැවින් සිංහල යුනිකෝඩ් පිලිබඳ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

ශ්‍රී ලංකාවට පරිඝණකය පැමිණියේ 80 දශකයේ පමණය. එදා පටන්ම දේශීය තාක්ෂණවේදීන් හා විවිධ ආයතන සිංහල භාෂාව තොරතුරු තාක්ෂණය හා බද්ධ කිරීම සඳහා නොයෙකුත් ප්‍රයත්නයන් දරන ලදී. ඉන් බොහොමයක් වානිජ අරමුණු වලින් සමන්විත සිංහල යතුරු ලියනය හා මුද්‍රණ ක්ෂේත්‍රය ඉලක්ක කර ගත් මෘදුකාංග විය. 1985 දී ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්‍ෂණෙවේද සභාව (CINTEC- සින්ටෙක්) පිහිට වූ පසු සිංහල හා දමිළ භාෂාවලින් පරිගණක භාවිත අවශ්‍යතා පිළිබඳව කටයුතු කිරීම සඳහා තොරතුරු තාක්‍ෂණ මෙන්ම සිංහල භාෂා ප්‍රවීණයන්ගෙන් සමන්විතකම්ටුවක් පිහිටවන ලදී. තනි බයිටයකින් සැදි ASCII කේතන වගුවේ (ISO 646) AO සිට FF දක්වා වූ කේත පිරවිය හැකි බිටු 7කින් යුත් කේතන ක්‍රමයක් සකසා සම්මත කේතන ක්‍රමය සාදන ලදී. The standard code for Information Interchange - SLASCII (ස්ලස්කි) ලෙස අනුමත වූ ඉහත කේත ක්‍රමය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1134 ලෙස 1996 වසරේදී සම්මත කර ගන්නා ලදී. ලොව බොහෝ භාෂාවන්හි අක්‍ෂර දැක්වීම සඳහා භාවිතා කරන යුනිකෝඩ් කේත ක්‍රමය අනුව සිංහල අක්‍ෂර මාලාව කේත ගත කිරීම අවශ්‍ය වූ අතර විටින් විට ඇති වූ සංශෝධනයන්ගෙන් පසු 2004 වසරේදී ICTA ආයතනයේ මැදිහත් වීමෙන් SLS 1134 සංශෝධනය කොට දැනට පවතින සම්මත සිංහල යුනිකෝඩ් ක්‍රමය එලිදක්වන ලදී.

යුනිකෝඩ් යනු කුමක්ද? යුනිකෝඩ් ක්‍රමය මගින් පරිගණක පද්ධතියෙන් ස්වායක්තව, පරිගණක වැඩසටහනෙන් ස්වායක්තව, භාෂාවෙන් ස්වායක්තව සෑම අක්‍ෂරයකටම ඊටම අනන්‍ය වූ අංකයක් ලබා දේ. යුනිකෝඩ් ක්‍රමය සොයා ගැනීමට පෙර මෙසේ අකුරුවලට අංක නියම කිරීමට ASCII වැනි කේතන පද්ධති ඉතා විශාල ගණනක් පැවතුනි. එමෙන්ම රුසියානු, ප්‍රංශ, ජර්මන් වැනි විවිධ භාෂා සඳහා විවිධාකාර වූ කේත ක්‍රම භාවිතා විය. නමුත් යුනිකෝඩ් ක්‍රමය පැමිණීමත් සමගම ලොව සියලුම භාෂා එකම කේතන ක්‍රමයකට ගෙන ඒමට හැකි වී ඇත. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව එම යුනිකෝඩ් කේතන ක්‍රමයට සකස් කෙරුනු සිංහල අක්ෂර මාලාව SLS 1134 මගින් දැක්වේ. විවිධ මෙහෙයුම් පද්ධති හා මෘදුකාංග වල ඇති විෂමතා හේතුවෙන් පැරණි මෙහෙයුම් පද්ධති වල (උදා: Windows 98) සමහර සිංහල අක්ෂර හොඳින් දර්ශණය නොවුවද Linux, Windows Vista වැනි මෙහෙයුම් පද්ධති පෙර නිමියෙන්ම සිංහල සහාය සමග පැමිණේ. සියලුම නවීන වෙබ් බ්‍රවුසර සහ වෙනත් පරිගණක නිපැයුම් රාශියක් යුනිකෝඩ් ක්‍රමය ට සහාය දක්වයි. එමෙන්ම ලොව ප්‍රචලිත වෙබ් බ්‍රව්සරයක් වන මොසිල්ලා ෆයර්ෆොක්ස් (Mozilla FireFox) දැන් සම්පූර්ණයෙන්ම සිංහලෙන් ලබා ගත හැක (http://www.mozilla.com/en-US/firefox/all.html#si) .

රාජ්‍ය අංශය තුල චක්‍රලේකයක් මගින් ලිපි කටයුතු සඳහා යුනිකෝඩ් භාවිතා කල යුතු බවට නියෝග කර ඇත. නමුත් ශ්‍රී ලංකාව තුල තවමත් යුනිකෝඩ් ගැන එතරම් ප්‍රචාරණයක් සිදු වී නොමැත. සමහරෙක් මෙය තවත් එක් "ෆොන්ට්" එකක් ලෙස දකිති. මෙය හුදෙක් ෆොන්ටයක් නොව කේතන ක්‍රමයකි. ඔබට අවශ්‍ය නම් ගොනුවක් (file) හෝ ෆෝල්ඩරයක් (folder) සිංහලෙන් නම් කල හැක. පැරණි ASCII ෆොන්ට භාවිතයෙන් එවැන්නක් කල නොහැක. බොහෝමයක් සිංහල පුවත් වෙබ් අඩවි යුනිකෝඩ් ක්‍රමයට පරිවර්තනය වී ඇත. www.silumina.lk, www.ethalaya.com, www.dinamina.lk ඉන් සමහරකි. අනෙකුත් අඩවි වලටද යුනිකෝඩ් ක්‍රමයට පරිවර්තනය වීම හැර වෙනත් විකල්පයක් නැත. සමහරක් වෙබ් අඩවි "ෆොන්ට් නොගෙනම කියවන්න" යන ලේබලය යටතේ යල් පැන ගිය තාක්ෂණයක් වන මයික්‍රෝසොෆ්ට් ආයතනයේ EOT (Embedded Open Type) ක්‍රමයට අනුව සිංහල පුවත් ඉදිරිපත් කරති. නමුත් ෆොන්ට් නොගෙන කියවිය හැක්කේ මයික්‍රෝසොෆ්ට් ආයතනයේ නිපැයුමක් වන IE (Internet Explorer) මත පමණි. නවීන පුවත් අඩවි වල ඇති විශේෂත්වය නම් යම් කිසි පුවතක් සම්බන්ධයෙන් පාඨකයන්ට තම අදහස් (Comments) දැක්වීමට ඇති හැකියාවයි. වෙබ් අඩවිය සිංහල යුනිකෝඩ් ක්‍රමයට අනුකූලව සකසා ඇත්නම් හා ඉහත සඳහන් කල පාඨක අදහස් දැක්වීමේ පහසුකමක් ඇත්නම් වැඩි පිරිසක් එය කියවනු ඇත. පැරණි ASCII හෝ EOT ක්‍රමයට මෙය සිදු කල නොහැක.

රුසියානු බස යුනිකෝඩ් වූයේ මීට වසර ගනනාවකට පෙරය. අද වන විට සියලුම ජංගම දුරකථන ද රුසියානු යුනිකෝඩ් සහාය දක්වයි. නමුත් සිංහල බස යුනිකෝඩ් වී එතරම් කාලයක් ගත වී නොමැත. සිංහල යුනිකෝඩ් හි මීලඟ ඉලක්කය ජංගම දුරකථනයයි. ඉංග්‍රීසි අක්ෂර යොදා සිංහලෙන් SMS යවන අපේ අයට සිංහලෙන්ම කෙටි පණිවුඩ යැවිය හැකි වන දිනය වැඩි ඈතක නොවේ. දැනටමත් සමහර ජංගම දුරකථන සිංහල සහාය දක්වන අතර විශ්ව විද්‍යාල හා තාක්ෂණික ආයතන මේ සම්බන්ධයෙන් නිරන්තර පර්යේෂනයන්හි නියැලෙමින් සිටිති.

පරිඝණකයේ සිංහල සහාය පෙර නිමියෙන් පැමිණ නැත්නම් www.siyabas.lk වෙතින් එය බාගත කොට ඉතා පහසුවෙන් ස්ථාපනය කර ගත හැක. එමෙන්ම ස්ථාපනය සඳහා උපදෙස් http://www.siyabas.lk/sinhala_how_to_install.html පැහැදිලිව දක්වා ඇත. සිංහල යුනිකෝඩ් සඳහා සම්මත යතුරු පුවරුව විජේසේකර යතුරු පුවරුව වන අතර ශබ්දය අනුව සැකසුනු (Phonetic) ද භාවිතා වේ. ඉංග්‍රීසි යතුරු පුවරුවට හුරු වූ අයට මෙම ක්‍රමය භාවිතයෙන් ඉතා පහසුවෙන් සිංහල යුනිකෝඩ් යතුරු කල හැක. http://www.siyabas.lk/sinhala_unicode_keyboards වෙත පිවිසීමෙන් යතුරු පුවරු පිලිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැක.

සමහරෙක් මෘදුකාංග දේශීයකරණයට විරුද්ධය. එයින් අපේ අයගේ ඉංග්‍රීසි ඉගෙනුමට ඇති මග ඇහිරී යනු ඇති බව ඔවුන්ගේ මතයයි. නමුත් සිංහලෙන් හෝ දෙමළෙන් හිතන අපේ දේශීය චින්තනයට අනාගතයක් පැවතීමට නම් දේශීය භාෂා තොරතුරු තාක්ෂණය සමග බද්ධ විය යුතුමය. දමිළ බසින් සැලකිය යුතු මෘදුකාංග හා නිර්මාණ කොටසක් දකුණු ඉන්දියාවේ නිපදවේ. ඉතින් සිංහල බස සඳහා තාක්ෂණික දායකත්වය අප රටෙන් මිස වෙනත් රටකින් බලාපොරොත්තු විය නොහැක. ලිනක්ස් (Linux) මෙහෙයුම් පද්ධතිය දැන් සම්පූර්ණයෙන්ම සිංහල හා දෙමළ භාෂා වලින් සමන්විතය.

වර්තමානයේ අප කඩදාසි හා පෑන් භාවිතයෙන් ඈත් වී කෙලින්ම පරිඝණකයේ යතුරු ලියනයට හුරු වී සිටිමු. සිංහල සාහිත්‍යයේ හා ලේඛන කලාවේ උන්නතිය උදෙසා එහි නියැලෙන්නන් යුනිකෝඩ් භාවිතයට හුරු වීමෙන් අන්තර්ජාලයේ උසස් නිර්මාණ දැක ගත හැකි වනු ඇත. මෙහි මූලික පියවරයන් ලෙස සිංහලෙන් බ්ලොග් ලිවීම ඉතා ප්‍රචලිත වී ඇති අතර සිංහල බ්ලොග් කරුවන්ගේ සංසඳයේ (www.sinhalabloggers.com) ඉතා විශාල සිංහල බ්ලොග් ප්‍රමාණයක් දැක ගත හැක.

Sunday, February 01, 2009

බල්ෂෝයි රඟහල හා රුසියානු ඔපෙරාව


රුසියාවේ මොස්කව් නුවර පිහිටා ඇති ඓතිහාසික "මහා” රඟහල හෙවත් බල්ෂෝයි රඟහල වර්ෂ 1776 දී ආරම්භ කරන ලදී. වර්තමාන ගොඩනැගිල්ල වර්ෂ 1824 දී පෙත්‍රොව්කා රඟහල අත් පත් කර ගැනීමෙන් පසුව ඉදිකරන ලද්දකි. පෙත්‍රොව්කා රඟහල වර්ෂ 1805 දී ගින්නෙන් විනාශ විය.

එකල රුසියාවේ සම්භාව්‍ය කලා නිර්මාණයන් වූ ඔපෙරාව හා බැලේ යන අංග රුසියානු අධිරාජයාට අයත් රාජකීය සම්පත් ලෙස සැලකිනි. එවකට රුසියාවේ ප‍්‍රධානතම නගර දෙක වූ ශාන්ත පීතර්බර්ග් හා මොස්කව් යන නගරයන්හි රංග ශාලා දෙක බැගින් විය. ඉන් එකක් උසස් යැයි සැලකුනු ඔපෙරා හා බැලේ සඳහා විය. බල්ෂෝයි (Большой) යන රුසියානු වදනින් විශාල, උසස්, මහා යන අර්ථය ගෙන දේ. එබැවින් ඔපෙරා හා බැලේ සඳහා වූ රඟහල බල්ෂෝයි රඟහල නම් විය. අනෙක නාට්‍ය හා හාස්‍ය නිර්මාණ සඳහා වෙන් විය. නාට්‍යයන්ට වඩා ඔපෙරාව හා බැලේ උසස් ලෙස සැලකූ නිසාවෙන් දෙවන රඟහල කුඩා රඟහල යන අර්ථය ගෙන දෙන "මාලී” (Малий) රඟහල ලෙස හැඳින්විය. සෝවියට් දේශයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය වූ බල්ෂෙවික් පක්ෂය ද බල්ෂෝයි යන වචනයෙන් පැනනැගි වදනකි. මෙහිදී බල්ෂෙවික් යන්නෙන් බහුතරය හෝ වැඩි ප‍්‍රමාණය ලෙස අර්ථ දැක්වේ.

වර්ෂ 1853 දී ගින්නක් හේතුවෙන් බල්ෂෝයි රඟහලට බරපතල හානි සිදුවිය. ප‍්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව වර්ෂ 1856 දී රඟහල යලි විවෘත විය. නැවත වතාවක් දෙවන ලෝක මහා සංග‍්‍රාම සමයේදී සතුරු බෝම්බ ප‍්‍රහාරයකින් බල්ෂෝය රඟහලට බරපතල හානි සිදු වුවද යුද්ධයෙන් පසු යලි පෙර තත්වයටම පිලිසකර කෙරිනි.

බල්ෂෝයි හා බැලේ යන වචන දෙක කාලාන්තරයක් පුරාවට එකිනෙක බැඳී පවතී. බල්ෂෝයි බැලේ (Balshoi Ballet) නූතන බටහිර සංස්කෘතියේ විශිෂ්ඨ අංගයක් වී ඇත.

ශේෂ්ඨ රුසියානු සංගීතවේදී චයිකොව්ස්කිගේ "හංස විල" (Swan Lake (Russian: Лебединое Озеро)) වර්ෂ 1877 මාර්තු 4 වැනි දින බල්ෂෝයි රඟහලේදී කල එලි දැක්වින. එමෙන්ම රෝමියෝ ජුලියට් වැනි විදේශීය නිර්මාණයන්ද මෙම රඟහල තුල පෙන්වනු ලැබීය. ස්තාලින් ගේ අභාවයෙන් පසු උසස් විදේශීය බැලේ සහ ඔපෙරාවන් සඳහා බල්ෂෝයි රඟහල විවෘත විය.

වර්ෂ 2005 දී ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමන ලද බල්ෂෝයි රඟහල 2009 වසරේදී සම්පූර්ණයෙන්ම නැවත විවෘත කිරීමට නියමිතය. ඇමෙරිකානු ඩොලර් මිලියන 730ක් ලෙස ඇස්තමේන්තු කර ඇති මෙම ප‍්‍රතිසංස්කරණය බල්ෂෝයි රඟහලේ ඉතිහාසය තුල සිදුකරනු ලබන දැවැන්තම ප‍්‍රතිසංස්කරණය ලෙස සැලකේ. ප‍්‍රතිසංස්කරණය සඳහා වැය වන සම්පූර්ණ වියදම රුසියානු රජය මගින් දරනු ලැබේ. ඓතිහාසික වටිනාකමකින් යුත් ලෝක උරුමයන් හා කලාවන් රැුක ගැනීම සඳහා රුසියානු රජය විසින් ගෙන ඇති මෙම පියවර කලාව අගයන සකල ලෝක වාසීන් වෙනුවෙන් ගත් මහඟු ක‍්‍රියාමාර්ගයක් සේ සැලකිය හැකිය.

"රුසියාව " සඟරාවේ 11 වැනි කලාපයට ලියන ලද ලිපියකි

Thursday, January 24, 2008

Richard M. Stallman's (RMS) Sri Lanka visit

It was really a big moment in my life, the meeting with Richard M. Stallman (RMS) at the UCSC roof top.


With the launch of the GNU Project he started the free software movement, and in October 1985 set up the Free Software Foundation. Stallman pioneered the concept of copyleft and is the main author of several copyleft licenses including the GNU General Public License
There were several RMS events organized by the FOSS community and I could only participate at the UCSC.
Can see more photos at Deep's and Bud's blogs

Wednesday, December 19, 2007

සිංහලෙන් කතා කරන රුසියානු විදේශ ඇමති: සෙර්ගේයි ලාව්‍රොව්

ආර්මේනියානු සම්භවයකින් පැවත එන වර්තමාන රුසියානු විදේශ ඇමති තනතුර හොබවන සෙර්ගේයි වික්තරොවිච් ලාව්‍රොව් වර්ෂ 1950 මාර්තු මස 21 වැනි දින මොස්කව් හිදී උපත ලැබීය.

වර්ෂ 1972 දී මොස්කව් නුවර ජාත්‍යාන්තර සබඳතා පිලිබඳ රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් උපාධිධරයෙකු ලෙස පිටවූ ඔහු, එම වසරේම ශ්‍රී ලංකාවේ සෝවියට් තානාපති කාර්- යාලයේ රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස සේවයට එක් විය. 1976 දක්වා ශ්‍රී ලංකාවේ සේවය කල ඔහු චතුර ලෙස සිංහල බස හසුරුවීමේ සමතෙකු බව කියැවේ.

1976 දී නැවතත් මොස්කව්හි විදේශ අමාත්‍යාංශයට අනුයුක්ත වූ ඔහු, 1981 සිට 1988 දක්වා එක්සත් ජාතීන්ගේ සංගමයේ සෝවියට් පාර්ශවයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස නිවයෝක් නුවර සේවය කලේය. ඉන් අනතුරුව 1990 දක්වා විදේශ අමාත්‍යාංශයේ අන්තර්ජාතික ආර්ථික සබඳතා අංශයේ උප ප්‍රධානියා ලෙස කටයුතු කල ලාව්‍රොව් ‍, 1992 දක්වා විදේශ අමාත්‍යාංශයේ ජාත්‍යාන්තර ආයතන හා ගෝලීය ගැටලු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කලේය.

ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වී 1992-1994 කාලයේදී නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධූරය හෙබවූ ඔහු, 1994-2004 කාලයේ එක්සත් ජාතීන්ගේ සංගමයේ නිත්‍ය රුසියානු නියෝජිතයා ලෙස කටයුතු කලේය.

ව්ලැදිමීර් පූතින් ජනාධිපතිවරයා විසින් 2004 මාර්තු 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙර්ගේයි වික්තරොවිච් ලාව්‍රොව් රුසියාවේ විදේශ ඇමති වරයා ලෙස පත් කරනු ලැබීය.

විශිෂ්ඨ රාජතාන්ත්‍රිකයෙක් වන සෙර්ගේයි වික්තරොවිච් ලාව්‍රොව්, පූතින් ජනාධිපතිවරයා හා ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යාන්තරයට ගෙනයාමේ කර්තව්‍ය මැනවින් ඉටු කරමින් සිටී.

ධම්මික මෙන්ඩිස්෴

"රුසියාව" සඟරාව සඳහා ලියන ලද ලිපියකි

www.rusiyava.org

Tuesday, December 05, 2006

Golden Saying about "design"

“Most people make the mistake of thinking design is what it looks like. That’s not what we think design is. It’s not just what it looks like and feels like. Design is how it works.”

 – Steve Jobs

Thursday, November 30, 2006

පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයේ රුසියානු භූමිකාව

ඉහල වෘත්තීය නිපුනත්වය හා අනෙකුත් යුරෝපීය රටවලට සාපේක්ෂව අඩු වේතනයන් යන සාධක හේතු කොට ගෙන බටහිර රටවල් තම මෘදුකාංග ව්‍යාපෘති සඳහා රුසියානු මෘදුකාංග ඉංජිනේරුවන් තෝරා ගනිති. ඔවුන් එය විශාල ආයෝජනයක් ලෙස සලකන අතර රුසියානු මෘදුකාංග ඉංජිනේරුවන් සඳහා වර්තමානයේ අති විශාල ඉල්ලුමක් පවතී. රුසියානු මෘදුකාංග ප්‍රවීණයන් බටහිරට ඇදී යෑමේ ප්‍රවණතාවක් දක්නට ඇති නමුත් දිනෙන් දින බිහිවන රුසියානු මෘදුකාංග වෘත්තිකයන් ප්‍රමාණය සලකා බැලූ කල එය රුසියානු මෘදුකාංග කර්මාන්තයට තර්ජනයක් නොවන බව පැවසිය යුතුය. ඇමරිකාව ඇතුලු බටහිර රටවල් තම මෘදුකාංග සංවර්ධන ව්‍යාපෘති සඳහා රුසියානු සමාගම් යොදා ගනිති.

වර්ෂ 2003 දී මෘදුකාංග අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 475 ක ආදායමක් ඉපැයීමට රුසියාව සමත් විය. එය 2002 වසරට වඩා 60% ක වර්ධනයක් වන අතර 1998 වසරට සාපේක්ෂව 9 ගුනයක වර්ධනයකි.

කෙසේ වෙතත් මෘදුකාංග අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ඉන්දියාව රුසියාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටී. මෘදුකාංග අපනයනයෙන් වාර්ෂිකව ඉන්දියාව ලබන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි. Boeing, Dell, Intel, හා Motorola වැනි ආයතන දැනටමත් මොස්කව් නගරයේ තම තාක්ෂණික සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර, අනෙකුත් බටහිර සමාගම් කොන්ත්‍රාත් පදනම මත රුසියානු මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සේවය ලබා ගනිති.

බටහිර රටවල් රුසියානු මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සේවය ලබා ගැනීමට බලපෑ ප්‍රධානතම සාධකය වන්නේ මුදලයි. මොස්කව් නගරයේ ජීවත් වන මෘදුකාංග වෘත්තිකයකුගේ දළ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 12,000 ක් පමණ වේ. ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට සාපේක්ෂව එය ඉහල වැටුපක් වුවද ඇමෙරිකාවට සාපේක්ෂව අවම වශයෙන් 5 ගුනයක ලාභයකි. රුසියාව තුල මෘදුකාංග සංවර්ධනය කිරීමෙන් අවම් වශයෙන් 60% ක පමණ ඉතිරියක් ඇති බව බටහිර සමාගම් පවසති.

රුසියානු මෘදුකාංග ක්ෂේත්‍රයේ ඇති ප්‍රධානතම වාසිය අඩු වියදම පමනක්ම නොවේ. දිගු කලක සිටම සෝවියට් දේශයේ ජනතාව විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලින් සිටියා සේම අදටත් ඔවුන් එම ක්ෂේත්‍රයන් හි හා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඉහල තලයක සිටිති. නමුත් ඉන්දියානු මෘදුකාංග සමාගම් මෙන් නොව බොහොමයක් රුසියානු සමාගම් විශාල සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇත. බොහෝ සමාගම් 20 ට අඩු සේවක සංඛ්‍යාවකින් යුක්ත වන අතර මහා පරිමාණයේ මෘදුකාංග ව්‍යාපෘති සඳහා ඉල්ලුම් කිරීමේදී මෙය අහිතකර ලෙස බලපායි. එවැනි කුඩා ආයතන වල අලෙවිකරනය හා කලමණාකාරීත්වයද දුර්වල මට්ටමක පවතී. ඉන්දියාව උදාහරණයක් ලෙස ගෙන හැර දක්වන රුසියානු ආර්ථික හා මෘදුකාංග විෂ්ලේශකයින් පෙන්වා දෙන්නේ ඉතා ඉහල ඉල්ලුමක් ඇති මෙම ක්ෂේත්‍රයට මීට වඩා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු බවයි.

කුඩා රටක් වුවද ශ්‍රී ලංකාවද මෘදුකාංග සංවර්ධන හා අපනයන ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරමින් සිටී. නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයේ (Free & Open Source Software – FOSS) ව්‍යාපෘති ගණනාවකටම අප රටේ ඉංජිනේරුවන් දායක වී ඇත. රුසියාව හා ඉන්දියාව මෙන්ම අප සතුවද ඉතා ඉහල මට්ටමේ මෘදුකාංග වෘත්තිකයන් සිටින අතර රාජ්‍ය අනුග්‍රහය හා මනා කළමණාකාරීත්වය තුලින් ඉතා විශාල විදේශ විනිමයක් අප රටට උපයා ගත හැක. දිගු කාලයක සිට අප රටට වැවිලි භෝග වලට අමතරව විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම සම්පත ගෘහ සේවිකාවන් හා කම්කරුවන්‍ ය. විදේශීය මෘදුකාංග වෙළඳපොල අඩු මිනිස් ශ්‍රමයකින් වැඩි ආදායම් උපයන මාර්ගයක් බැවින් අප ඒ සඳහා උනන්දු විය යුතුය.

2050 දී ලෝකය හා අප

Photo Credit : www.chainadaily.com.cn PWC (pricewaterhousecoopers)  උපකල්පිත ගණනය කිරීම් වලට අනුව වසර 2050 දී ඇමරිකාව පසුකරමින් චීනය...