Thursday, January 24, 2008

Richard M. Stallman's (RMS) Sri Lanka visit

It was really a big moment in my life, the meeting with Richard M. Stallman (RMS) at the UCSC roof top.


With the launch of the GNU Project he started the free software movement, and in October 1985 set up the Free Software Foundation. Stallman pioneered the concept of copyleft and is the main author of several copyleft licenses including the GNU General Public License
There were several RMS events organized by the FOSS community and I could only participate at the UCSC.
Can see more photos at Deep's and Bud's blogs

Wednesday, December 19, 2007

සිංහලෙන් කතා කරන රුසියානු විදේශ ඇමති: සෙර්ගේයි ලාව්‍රොව්

ආර්මේනියානු සම්භවයකින් පැවත එන වර්තමාන රුසියානු විදේශ ඇමති තනතුර හොබවන සෙර්ගේයි වික්තරොවිච් ලාව්‍රොව් වර්ෂ 1950 මාර්තු මස 21 වැනි දින මොස්කව් හිදී උපත ලැබීය.

වර්ෂ 1972 දී මොස්කව් නුවර ජාත්‍යාන්තර සබඳතා පිලිබඳ රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් උපාධිධරයෙකු ලෙස පිටවූ ඔහු, එම වසරේම ශ්‍රී ලංකාවේ සෝවියට් තානාපති කාර්- යාලයේ රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස සේවයට එක් විය. 1976 දක්වා ශ්‍රී ලංකාවේ සේවය කල ඔහු චතුර ලෙස සිංහල බස හසුරුවීමේ සමතෙකු බව කියැවේ.

1976 දී නැවතත් මොස්කව්හි විදේශ අමාත්‍යාංශයට අනුයුක්ත වූ ඔහු, 1981 සිට 1988 දක්වා එක්සත් ජාතීන්ගේ සංගමයේ සෝවියට් පාර්ශවයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස නිවයෝක් නුවර සේවය කලේය. ඉන් අනතුරුව 1990 දක්වා විදේශ අමාත්‍යාංශයේ අන්තර්ජාතික ආර්ථික සබඳතා අංශයේ උප ප්‍රධානියා ලෙස කටයුතු කල ලාව්‍රොව් ‍, 1992 දක්වා විදේශ අමාත්‍යාංශයේ ජාත්‍යාන්තර ආයතන හා ගෝලීය ගැටලු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කලේය.

ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වී 1992-1994 කාලයේදී නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධූරය හෙබවූ ඔහු, 1994-2004 කාලයේ එක්සත් ජාතීන්ගේ සංගමයේ නිත්‍ය රුසියානු නියෝජිතයා ලෙස කටයුතු කලේය.

ව්ලැදිමීර් පූතින් ජනාධිපතිවරයා විසින් 2004 මාර්තු 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙර්ගේයි වික්තරොවිච් ලාව්‍රොව් රුසියාවේ විදේශ ඇමති වරයා ලෙස පත් කරනු ලැබීය.

විශිෂ්ඨ රාජතාන්ත්‍රිකයෙක් වන සෙර්ගේයි වික්තරොවිච් ලාව්‍රොව්, පූතින් ජනාධිපතිවරයා හා ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යාන්තරයට ගෙනයාමේ කර්තව්‍ය මැනවින් ඉටු කරමින් සිටී.

ධම්මික මෙන්ඩිස්෴

"රුසියාව" සඟරාව සඳහා ලියන ලද ලිපියකි

www.rusiyava.org

Tuesday, December 05, 2006

Golden Saying about "design"

“Most people make the mistake of thinking design is what it looks like. That’s not what we think design is. It’s not just what it looks like and feels like. Design is how it works.”

 – Steve Jobs

Thursday, November 30, 2006

පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයේ රුසියානු භූමිකාව

ඉහල වෘත්තීය නිපුනත්වය හා අනෙකුත් යුරෝපීය රටවලට සාපේක්ෂව අඩු වේතනයන් යන සාධක හේතු කොට ගෙන බටහිර රටවල් තම මෘදුකාංග ව්‍යාපෘති සඳහා රුසියානු මෘදුකාංග ඉංජිනේරුවන් තෝරා ගනිති. ඔවුන් එය විශාල ආයෝජනයක් ලෙස සලකන අතර රුසියානු මෘදුකාංග ඉංජිනේරුවන් සඳහා වර්තමානයේ අති විශාල ඉල්ලුමක් පවතී. රුසියානු මෘදුකාංග ප්‍රවීණයන් බටහිරට ඇදී යෑමේ ප්‍රවණතාවක් දක්නට ඇති නමුත් දිනෙන් දින බිහිවන රුසියානු මෘදුකාංග වෘත්තිකයන් ප්‍රමාණය සලකා බැලූ කල එය රුසියානු මෘදුකාංග කර්මාන්තයට තර්ජනයක් නොවන බව පැවසිය යුතුය. ඇමරිකාව ඇතුලු බටහිර රටවල් තම මෘදුකාංග සංවර්ධන ව්‍යාපෘති සඳහා රුසියානු සමාගම් යොදා ගනිති.

වර්ෂ 2003 දී මෘදුකාංග අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 475 ක ආදායමක් ඉපැයීමට රුසියාව සමත් විය. එය 2002 වසරට වඩා 60% ක වර්ධනයක් වන අතර 1998 වසරට සාපේක්ෂව 9 ගුනයක වර්ධනයකි.

කෙසේ වෙතත් මෘදුකාංග අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ඉන්දියාව රුසියාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටී. මෘදුකාංග අපනයනයෙන් වාර්ෂිකව ඉන්දියාව ලබන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි. Boeing, Dell, Intel, හා Motorola වැනි ආයතන දැනටමත් මොස්කව් නගරයේ තම තාක්ෂණික සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර, අනෙකුත් බටහිර සමාගම් කොන්ත්‍රාත් පදනම මත රුසියානු මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සේවය ලබා ගනිති.

බටහිර රටවල් රුසියානු මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සේවය ලබා ගැනීමට බලපෑ ප්‍රධානතම සාධකය වන්නේ මුදලයි. මොස්කව් නගරයේ ජීවත් වන මෘදුකාංග වෘත්තිකයකුගේ දළ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 12,000 ක් පමණ වේ. ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට සාපේක්ෂව එය ඉහල වැටුපක් වුවද ඇමෙරිකාවට සාපේක්ෂව අවම වශයෙන් 5 ගුනයක ලාභයකි. රුසියාව තුල මෘදුකාංග සංවර්ධනය කිරීමෙන් අවම් වශයෙන් 60% ක පමණ ඉතිරියක් ඇති බව බටහිර සමාගම් පවසති.

රුසියානු මෘදුකාංග ක්ෂේත්‍රයේ ඇති ප්‍රධානතම වාසිය අඩු වියදම පමනක්ම නොවේ. දිගු කලක සිටම සෝවියට් දේශයේ ජනතාව විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලින් සිටියා සේම අදටත් ඔවුන් එම ක්ෂේත්‍රයන් හි හා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඉහල තලයක සිටිති. නමුත් ඉන්දියානු මෘදුකාංග සමාගම් මෙන් නොව බොහොමයක් රුසියානු සමාගම් විශාල සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇත. බොහෝ සමාගම් 20 ට අඩු සේවක සංඛ්‍යාවකින් යුක්ත වන අතර මහා පරිමාණයේ මෘදුකාංග ව්‍යාපෘති සඳහා ඉල්ලුම් කිරීමේදී මෙය අහිතකර ලෙස බලපායි. එවැනි කුඩා ආයතන වල අලෙවිකරනය හා කලමණාකාරීත්වයද දුර්වල මට්ටමක පවතී. ඉන්දියාව උදාහරණයක් ලෙස ගෙන හැර දක්වන රුසියානු ආර්ථික හා මෘදුකාංග විෂ්ලේශකයින් පෙන්වා දෙන්නේ ඉතා ඉහල ඉල්ලුමක් ඇති මෙම ක්ෂේත්‍රයට මීට වඩා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු බවයි.

කුඩා රටක් වුවද ශ්‍රී ලංකාවද මෘදුකාංග සංවර්ධන හා අපනයන ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරමින් සිටී. නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයේ (Free & Open Source Software – FOSS) ව්‍යාපෘති ගණනාවකටම අප රටේ ඉංජිනේරුවන් දායක වී ඇත. රුසියාව හා ඉන්දියාව මෙන්ම අප සතුවද ඉතා ඉහල මට්ටමේ මෘදුකාංග වෘත්තිකයන් සිටින අතර රාජ්‍ය අනුග්‍රහය හා මනා කළමණාකාරීත්වය තුලින් ඉතා විශාල විදේශ විනිමයක් අප රටට උපයා ගත හැක. දිගු කාලයක සිට අප රටට වැවිලි භෝග වලට අමතරව විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම සම්පත ගෘහ සේවිකාවන් හා කම්කරුවන්‍ ය. විදේශීය මෘදුකාංග වෙළඳපොල අඩු මිනිස් ශ්‍රමයකින් වැඩි ආදායම් උපයන මාර්ගයක් බැවින් අප ඒ සඳහා උනන්දු විය යුතුය.

2050 දී ලෝකය හා අප

Photo Credit : www.chainadaily.com.cn PWC (pricewaterhousecoopers)  උපකල්පිත ගණනය කිරීම් වලට අනුව වසර 2050 දී ඇමරිකාව පසුකරමින් චීනය...