Sunday, February 01, 2009

බල්ෂෝයි රඟහල හා රුසියානු ඔපෙරාව


රුසියාවේ මොස්කව් නුවර පිහිටා ඇති ඓතිහාසික "මහා” රඟහල හෙවත් බල්ෂෝයි රඟහල වර්ෂ 1776 දී ආරම්භ කරන ලදී. වර්තමාන ගොඩනැගිල්ල වර්ෂ 1824 දී පෙත්‍රොව්කා රඟහල අත් පත් කර ගැනීමෙන් පසුව ඉදිකරන ලද්දකි. පෙත්‍රොව්කා රඟහල වර්ෂ 1805 දී ගින්නෙන් විනාශ විය.

එකල රුසියාවේ සම්භාව්‍ය කලා නිර්මාණයන් වූ ඔපෙරාව හා බැලේ යන අංග රුසියානු අධිරාජයාට අයත් රාජකීය සම්පත් ලෙස සැලකිනි. එවකට රුසියාවේ ප‍්‍රධානතම නගර දෙක වූ ශාන්ත පීතර්බර්ග් හා මොස්කව් යන නගරයන්හි රංග ශාලා දෙක බැගින් විය. ඉන් එකක් උසස් යැයි සැලකුනු ඔපෙරා හා බැලේ සඳහා විය. බල්ෂෝයි (Большой) යන රුසියානු වදනින් විශාල, උසස්, මහා යන අර්ථය ගෙන දේ. එබැවින් ඔපෙරා හා බැලේ සඳහා වූ රඟහල බල්ෂෝයි රඟහල නම් විය. අනෙක නාට්‍ය හා හාස්‍ය නිර්මාණ සඳහා වෙන් විය. නාට්‍යයන්ට වඩා ඔපෙරාව හා බැලේ උසස් ලෙස සැලකූ නිසාවෙන් දෙවන රඟහල කුඩා රඟහල යන අර්ථය ගෙන දෙන "මාලී” (Малий) රඟහල ලෙස හැඳින්විය. සෝවියට් දේශයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය වූ බල්ෂෙවික් පක්ෂය ද බල්ෂෝයි යන වචනයෙන් පැනනැගි වදනකි. මෙහිදී බල්ෂෙවික් යන්නෙන් බහුතරය හෝ වැඩි ප‍්‍රමාණය ලෙස අර්ථ දැක්වේ.

වර්ෂ 1853 දී ගින්නක් හේතුවෙන් බල්ෂෝයි රඟහලට බරපතල හානි සිදුවිය. ප‍්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව වර්ෂ 1856 දී රඟහල යලි විවෘත විය. නැවත වතාවක් දෙවන ලෝක මහා සංග‍්‍රාම සමයේදී සතුරු බෝම්බ ප‍්‍රහාරයකින් බල්ෂෝය රඟහලට බරපතල හානි සිදු වුවද යුද්ධයෙන් පසු යලි පෙර තත්වයටම පිලිසකර කෙරිනි.

බල්ෂෝයි හා බැලේ යන වචන දෙක කාලාන්තරයක් පුරාවට එකිනෙක බැඳී පවතී. බල්ෂෝයි බැලේ (Balshoi Ballet) නූතන බටහිර සංස්කෘතියේ විශිෂ්ඨ අංගයක් වී ඇත.

ශේෂ්ඨ රුසියානු සංගීතවේදී චයිකොව්ස්කිගේ "හංස විල" (Swan Lake (Russian: Лебединое Озеро)) වර්ෂ 1877 මාර්තු 4 වැනි දින බල්ෂෝයි රඟහලේදී කල එලි දැක්වින. එමෙන්ම රෝමියෝ ජුලියට් වැනි විදේශීය නිර්මාණයන්ද මෙම රඟහල තුල පෙන්වනු ලැබීය. ස්තාලින් ගේ අභාවයෙන් පසු උසස් විදේශීය බැලේ සහ ඔපෙරාවන් සඳහා බල්ෂෝයි රඟහල විවෘත විය.

වර්ෂ 2005 දී ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමන ලද බල්ෂෝයි රඟහල 2009 වසරේදී සම්පූර්ණයෙන්ම නැවත විවෘත කිරීමට නියමිතය. ඇමෙරිකානු ඩොලර් මිලියන 730ක් ලෙස ඇස්තමේන්තු කර ඇති මෙම ප‍්‍රතිසංස්කරණය බල්ෂෝයි රඟහලේ ඉතිහාසය තුල සිදුකරනු ලබන දැවැන්තම ප‍්‍රතිසංස්කරණය ලෙස සැලකේ. ප‍්‍රතිසංස්කරණය සඳහා වැය වන සම්පූර්ණ වියදම රුසියානු රජය මගින් දරනු ලැබේ. ඓතිහාසික වටිනාකමකින් යුත් ලෝක උරුමයන් හා කලාවන් රැුක ගැනීම සඳහා රුසියානු රජය විසින් ගෙන ඇති මෙම පියවර කලාව අගයන සකල ලෝක වාසීන් වෙනුවෙන් ගත් මහඟු ක‍්‍රියාමාර්ගයක් සේ සැලකිය හැකිය.

"රුසියාව " සඟරාවේ 11 වැනි කලාපයට ලියන ලද ලිපියකි

Thursday, January 24, 2008

Richard M. Stallman's (RMS) Sri Lanka visit

It was really a big moment in my life, the meeting with Richard M. Stallman (RMS) at the UCSC roof top.


With the launch of the GNU Project he started the free software movement, and in October 1985 set up the Free Software Foundation. Stallman pioneered the concept of copyleft and is the main author of several copyleft licenses including the GNU General Public License
There were several RMS events organized by the FOSS community and I could only participate at the UCSC.
Can see more photos at Deep's and Bud's blogs

Wednesday, December 19, 2007

සිංහලෙන් කතා කරන රුසියානු විදේශ ඇමති: සෙර්ගේයි ලාව්‍රොව්

ආර්මේනියානු සම්භවයකින් පැවත එන වර්තමාන රුසියානු විදේශ ඇමති තනතුර හොබවන සෙර්ගේයි වික්තරොවිච් ලාව්‍රොව් වර්ෂ 1950 මාර්තු මස 21 වැනි දින මොස්කව් හිදී උපත ලැබීය.

වර්ෂ 1972 දී මොස්කව් නුවර ජාත්‍යාන්තර සබඳතා පිලිබඳ රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් උපාධිධරයෙකු ලෙස පිටවූ ඔහු, එම වසරේම ශ්‍රී ලංකාවේ සෝවියට් තානාපති කාර්- යාලයේ රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස සේවයට එක් විය. 1976 දක්වා ශ්‍රී ලංකාවේ සේවය කල ඔහු චතුර ලෙස සිංහල බස හසුරුවීමේ සමතෙකු බව කියැවේ.

1976 දී නැවතත් මොස්කව්හි විදේශ අමාත්‍යාංශයට අනුයුක්ත වූ ඔහු, 1981 සිට 1988 දක්වා එක්සත් ජාතීන්ගේ සංගමයේ සෝවියට් පාර්ශවයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස නිවයෝක් නුවර සේවය කලේය. ඉන් අනතුරුව 1990 දක්වා විදේශ අමාත්‍යාංශයේ අන්තර්ජාතික ආර්ථික සබඳතා අංශයේ උප ප්‍රධානියා ලෙස කටයුතු කල ලාව්‍රොව් ‍, 1992 දක්වා විදේශ අමාත්‍යාංශයේ ජාත්‍යාන්තර ආයතන හා ගෝලීය ගැටලු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කලේය.

ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වී 1992-1994 කාලයේදී නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධූරය හෙබවූ ඔහු, 1994-2004 කාලයේ එක්සත් ජාතීන්ගේ සංගමයේ නිත්‍ය රුසියානු නියෝජිතයා ලෙස කටයුතු කලේය.

ව්ලැදිමීර් පූතින් ජනාධිපතිවරයා විසින් 2004 මාර්තු 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙර්ගේයි වික්තරොවිච් ලාව්‍රොව් රුසියාවේ විදේශ ඇමති වරයා ලෙස පත් කරනු ලැබීය.

විශිෂ්ඨ රාජතාන්ත්‍රිකයෙක් වන සෙර්ගේයි වික්තරොවිච් ලාව්‍රොව්, පූතින් ජනාධිපතිවරයා හා ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යාන්තරයට ගෙනයාමේ කර්තව්‍ය මැනවින් ඉටු කරමින් සිටී.

ධම්මික මෙන්ඩිස්෴

"රුසියාව" සඟරාව සඳහා ලියන ලද ලිපියකි

www.rusiyava.org

Tuesday, December 05, 2006

Golden Saying about "design"

“Most people make the mistake of thinking design is what it looks like. That’s not what we think design is. It’s not just what it looks like and feels like. Design is how it works.”

 – Steve Jobs

2050 දී ලෝකය හා අප

Photo Credit : www.chainadaily.com.cn PWC (pricewaterhousecoopers)  උපකල්පිත ගණනය කිරීම් වලට අනුව වසර 2050 දී ඇමරිකාව පසුකරමින් චීනය...